
මෙම වර්ෂයේ දී ඔස්ට්‍රේලියාව තුළ වේගයෙන් වර්ධනය වන රැකියා ක්ෂේත්‍ර පිළිබදව නවතම අනාවරණයක් සිදු කර තිබෙනවා.
මෙම අනාවරණය සිදු කර ඇත්තේ Seek හි 2023 සහ 2024 යන වසරවල අවසන් කාර්තු දත්ත සංසන්දනය කිරීමෙන් බවයි පැවසෙන්නේ.
Seek හි දත්තවලට අනුව ඔස්ට්‍රේලියාව තුළ වේගවත්ම වර්ධනයක් අත්කර ගෙන තිබෙන රැකියාව වන්නේ Lending Manager වෘත්තියයි.

රැකියා ලැයිස්තුවේ දෙවන ස්ථානය Certifier වෘත්තිය සදහා හිමි වෙද්දී එහි තුන්වන ස්ථානය ඉදිකිරීම් අධීක්ෂක (Building Supervisor) වෘත්තිය වෙත හිමිව තිබෙන බවයි සදහන් වන්නේ.
මෙහි සිව් වන සහ පස් වන ස්ථාන පිළිවෙළින් දත්ත විශ්ලේෂක (Data Analyst) සහ වෛද්‍ය වෘත්තිය වෙත ලැබී තිබෙනවා.

මීට අමතරව Employee Relations Advisor, Hydraculic Engineer, ශීතකරණ කාර්මික සහ පොලිස් සේවය යන රැකියා ක්ෂේත්‍ර රැසක් මෙම වසරේදී වේගවත් වර්ධනයක් අත්කර ගන්නා බවයි Seek හි දත්ත ඔස්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.