Search

වික්ටෝරියානුවන්ට විනාඩි 20 න් අලුත් වූ සේවාවක්

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරිය වන Mary Anne Thomas විසින් ප්‍රාන්ත රෝහල් වෙත අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

ගිලන් රථවල සිට රෝගීන් රෝහල වෙත රැගෙන යාමේදී සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති නව ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරන ලෙසටයි සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් උපදෙස් ලබා දී ඇත්තේ.

මෙම නව නීති හරහා ගිලන් රථ හරහා කාර්යක්ෂම අන්දමින් රෝගීන්ව රෝහල් වෙත රැගෙන යෑමේ හැකියාව පවතිනවා.

රෝහල වෙත රැගෙන එන රෝගීන්ගෙන් 90% ක් පමණ විනාඩි 40 ක කාල සීමාවක් ඇතුළත හදිසි ප්‍රතිකාර සදහා යොමු කිරීමටයි ප්‍රාන්ත රජයේ සැලසුම වී ඇත්තේ.

එයින් පසු විනාඩි 20 ක් ඇතුලත් ගිලන් රථ නැවත රාජකාරී කටයුතු සදහා පිටත් විය යුතු බව ද මෙම නව නීතිවල සදහන් කර තිබෙනවා.

මෙම ක්‍රමවේදය සදහා අනුගත නොවන පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.

විදෙස් ශ්‍රමිකයින්ටත් විශ්‍රාම වැටුපක්

විදෙස් ශ්‍රමිකයින්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමවේදය දැනටමත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා රජය පවසනවා. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඊයේ පාර්ලිමේන්තුවේදී කියාසිටියේ විදේශ විශ්‍රාම වැටුප් ක්‍රමය තවදුරටත් ශක්තිමත්

Read More »

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »