
ඔස්ට්‍රේලියාවේ දේපල වෙළද වාර්තා අලුත් කරමින් මෙල්බන් හි පිහිටි මන්දිරයක් ඩොලර් මිලියන 150 ක මුදලකට අලෙවි වී තිබෙනවා.
Toorak හි පිහිටි “Coonac Estate” නම් මෙම සුවිසල් මන්දිරය ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ වැඩිම මිලට අලෙවි වූ නිවස ලෙසටයි Realestate වෙබ් අඩවිය විසින් වාර්තා කර ඇත්තේ.
ඉතාලි සම්ප්‍රදායට අනුකූලව නිර්මාණය කර ඇති මෙම නිවස ඉදි කර ඇත්තේ 1867 වර්ෂයේදීයි.

කාමර 20 කින් සමන්විත මෙම දෙමහල් නිවසේ ටෙනිස් පිටියක් සහ නාන තටාකයක් ද පවතිනවා.
එමෙන්ම නිවස අවට පිහිටි වටපිටාවද සිත් ඇදගන්නා සුළු බවටයි මාධ්‍ය විසින් වාර්තා කර ඇත්තේ.

කෝටිපති ව්‍යාපාරික පෝල් ලිට්ල් සහ මෙල්බන් විශ්ව විද්‍යාලයේ කුලපති ජේන් හැන්සන් විසින් මෙම නිවස අලෙවි කර තිබෙන බවයි පැවසෙන්නේ.
2002 වසරේදී ඔවුන් මෙම නිවස මිලදී ගෙන ඇත්තේ ඩොලර් මිලියන 14.5 ක මුදලකට වීම ද කැපී පෙනෙනවා.