
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගත හැකි නවතම වීසා කාණ්ඩය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය කර තිබෙනවා.
විවිධ ක්ෂේශ්ත්‍රවල ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වන මට්ටමේ දස්කම් දක්වා ඇති පුද්ගලයින්ට මෙරට ස්ථිර පදිංචිය ලබාගත හැකි අයුරිනුයි National Innovation visa (Subclass 858) නම් නව වීසා කාණ්ඩයක් හඳුන්වා දෙනු ලැබුවේ.
මෙය මින් පෙර තිබු Global Talent Visa (Subclass 858) සහ The Business Innovation and Investment Visa (Subclass 188) වීසා කාණ්ඩ එකතුකර ප්‍රකාශයට පත් කරනු ලැබූවක් වීම විශේෂත්වයක්.

මේ සඳහා අයදුම් කිරීමට ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වූ, පර්යේෂකයන් / ව්‍යවසායකයින් /
නවෝත්පාදකයින් / මලල ක්‍රීඩකයින් සහ කළා නිර්මාණකරුවන් ට හැකියාව පවතිනවා.
ඔවුන් ප්‍රථමයෙන් ඒ සඳහා EOI අයදුම් පතක් යොමු කල යුතු වනවා.

අයදුම්කරු ඒ සඳහා සුදුස්සෙකුනම් ඉන් අනතුරුව ඕස්ට්‍රේලියානු රජය විසින් ආරාධනා පත්‍රයක් (Invitation) යොමුකරනු ලබනවා
මෙම වීසා කාණ්ඩය සඳහා ඕනෑම වයස් සීමාවක අයෙකුට අයදුම් කිරීමේ හැකියාව පවතින අතර වීසා ගාස්තුව අවම වශයෙන් ඩොලර් 4,840 ක් පමණ වනු ඇති.
එමෙන්ම ප්‍රමාණවත් ඉංග්‍රීසී භාෂා කුසලතාවයක්ද පැවතීම අනිවාර්ය බවයි තවදුරටත් පැවසෙන්නේ.