Search

ඔස්ට්‍රේලියාවේ පදිංචියට ආවේ නෑ සුගත් තිලකරත්න කියයි

නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති බවට මීට පෙර මාධ්‍ය වාර්තා රැසක් පළ වී තිබුණා.

කෙසේ වෙතත් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර ඇත්තේ මාධ්‍ය වාර්තාවල පළ වූ එම පුවත අසත්‍ය එකක් වන බවයි.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඔහු විසින් අවධාරණය කර ඇත්තේ මේ වනවිට තමන් පෞද්ගලික සංචාරයක නිරත වී සිටින බවයි.

එම සංචාරය සදහා පිරිවැය තමන් විසින් දරනු ලබන බවද ඔහු විසින් ප්‍රකාශ කර තිබෙනවා.

එළඹෙන පෙබරවාරි 20 වනදා තමන් ශ්‍රී ලංකාවට නැවත පැමිණෙන බවයි මාධ්‍ය වෙත අදහස් දැක්වූ සුගත් තිලකරත්න විසින් කියා සිටියේ.