
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.
ඊට හේතුව වී ඇත්තේ අදාළ සිසුවා සතියකට පැය 60 කට වඩා වැඩි ප්‍රමාණයක් Uber සේවා සිදු කර තිබෙන බවට තොරතුරු අනාවරණය වීමත් සමඟයි.
මෙම සිසුවා පසුගියදා ඇඩිලේඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති අතර එහිදී ඔහුගේ ජංගම දුරකතනය ඔස්ට්‍රේලියා දේශ සීමා බලකාය ( Australian Border Force) විසින් පරික්ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ සැකකාර සිසුවා විසින් ශිෂ්‍ය වීසා බලපත්‍රවලට අදාළ නීති රීති පැහැර හැර ඇති බවයි.
ඔස්ට්‍රේලියා ශිෂ්‍ය වීසා නීතිවලට අනුව ජාත්‍යන්තර සිසුවෙකුට උපරිම වශයෙන් සති දෙකකට පැය 48 ක කාල සීමාවක් රැකියාවක නිරත වීම අවස්ථාව සලසා දී තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සිසුවා කුමන රටක පුරවැසියෙක්ද යන්න මෙතෙක් නිශ්චිතව හදුනාගෙන නැහැ.
කෙසේ වෙතත් ඔහුව ඉදිරියේ දී සිය මව් රටට පිටුවහල් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.