Search

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

මෙම මුදල් ස්ථීර තැන්පතු සහ බැංකු තැන්පතුවල යොදවා තිබී ඇති අතර එහිදී ඩේසි ෆොරස්ට් නම් තැනැත්තිය සමග හවුල් ගිණුමක් වශයෙන් මෙම ගිණුම් පවත්වා ගෙන ගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව නීතිපතිවරයා විසින් ඩේසි ෆොරස්ට් නම් කාන්තාවත් මේ සඳහා සැකකාරියක් වශයෙන් නම් කිරීමට පොලීසියට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව අද (11) දින යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් නම් කාන්තාව එරෙහිව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේදී සැකකරුවන් වශයෙන් නම් කර මුදල් විශුද්ධීකරණ පනත යටතේ ඔවුන්ට එරෙහිව නඩු පැවරීමටයි පොලීසිය විසින් කටයුතු කර ඇත්තේ.

ඒ අනුව අදාළ කාන්තාවට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද පනවා ඇති අතර මේ සම්බන්ධ සියලු සැකකරුවන්ට අධිකරණය හමුවේ නඩු පැවරීමටත් කටයුතු කරන බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග කියා සිටියා.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »