Search

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

එහි සභාපති කෝසල වික්‍රමසිංහ ඒ බව සඳහන් කළේ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහනට එක්වෙමින්.

2025 වර්ෂයේදී විදේශ රැකියා මගින් අමෙරිකානු ඩොලර් බිලියන 7 ක මුදලක් ශ්‍රී ලංකාවට රැගෙන ඒමටයි අපේක්ෂා කෙරෙන්නේ.

පසුගිය වසරේදී ලාංකිකයින් 314,000 ක් පමණ රැකියා සඳහා විදේශ ගතවී තිබෙනවා.

ඒ අනුව, 2024 වර්ෂයේදී අමෙරිකානු ඩොලර් බිලියන 6.51ක් මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබී ඇති බවටයි වාර්තා වන්නේ.

2024 වර්ෂයේදී විදේශ රැකියා සඳහා යොමුවූ ශ්‍රමිකයින් අතුරින් වෘත්තිමය රැකියා සඳහා සියයට 65%ක් හා අවම වෘත්තිමය රැකියා සඳහා සියයට 35%ක ප්‍රමාණයක් පිටත්ව ගොස් ඇති බව ද එහි වැඩිදුරටත් සදහන්.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »