
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
එම සංචිතය සදහා ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුලත්.
මේ අතර පසුගිය නවසීලන්ත එක්දින තරගාවලිය සදහා සහභාගී වූ චමිදු වික්‍රමසිංහ ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

තරග දෙකකින් සමන්විත තරගාවලියේ පළමු තරගය හෙට (12) ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ දෙවන තරගය පෙබරවාරි 14 වනදා පැවත්වීමට සැලසුම් කර ඇත්තේ.

ශ්‍රී ලංකා සංචිතය තුළ ද නවක ක්‍රීඩකයන් රැසකට මෙවර අවස්ථාව හිමිව තිබෙන බවද වැඩිදුරටත් සදහන්.
තරගාවලිය සදහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය පහතින්
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, නිෂාන් මධුෂ්ක, නුවනිදු ප්‍රනාන්දු, වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩසේ, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර, මොහොමඩ් ශිරාස්, එෂාන් මාලිංග