
වික්ටෝරියා ප්‍රාන්ත සංක්‍රමණ වැඩසටහන යටතේ තවත් ආරාධනා පත්‍ර වටයක් (Invitation Round) අද (11) ක්‍රියාත්මක වනවා.
ඒ අනුව වික්ටෝරියා පුහුණු සහ ව්‍යාපාරික සංක්‍රමණ වැඩසටහන යටතේ (Skilled and Business Migration program) යටතේ මෙම ආරාධනා පත්‍ර වටය ක්‍රියාත්මක වනු ඇති.
ඒ වෙනුවෙන් දැනට ROI යොමු කළ අය සදහා අද දිනයේදී විමසිල්ලෙන් පසුවන ලෙසටද දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

කෙසේ වෙතත් කිසියම් අයුරකින් අද දිනය තුළදී දැනුම් දීමක් නොලදහොත් ඉදිරි ආරධනා පත්‍ර වටයේදී විමසිල්ලෙන් පසුවන ලෙසටයි වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
වික්ටෝරියා ප්‍රාන්ත සංක්‍රමණ වැඩසටහන සදහා ෆෙඩරල් රජය විසින් මෙවර වෙන් කර ඇති පුහුණු ශ්‍රමික වීසා කෝටාව 5,000 ක්.

ඒ 2024 – 2025 වැඩසටහන සදහායි.
මේ යටතේ Skilled Nominated Visa (subclass 190) සදහා අවස්ථා 3,000 ක් ද Skilled Work Regional Visa (subclass 491) සදහා වීසා බලපත්‍ර 2,000 ක් ද වෙන් කර තිබෙනවා.