Search

මෙල්බන් නිවාස ගිනි ගැනීම් වල ඉහළ යෑමක්

ගෙවුණු දින කිහිපය තුළ මෙල්බන් හි නිවාස ගිනි ගැනීම් සම්බන්ධ සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබෙනවා.

අද (11) අලුයම් කාලයේදී Kurunjang ප්‍රදේශයේ Cameron Court හි පිහිටි නිවසක ද හදිසි ගින්නක් ඇති වී ඇති බවයි පැවසෙන්නේ.

ප්‍රාන්ත හදිසි සේවාව විසින් අදාළ නිවසේ ඇතිවූ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළා.

ගින්න ඇතිවූ අවස්ථාවේදී නිවසේ සිටි කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් බලධාරීන් විසින් පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතිනවා.

කෙසේ වෙතත් අදාළ සිදුවීම සැක සහිත නොවන බවටයි බලධාරීන් විසින් අනුමාන කරන්නේ.

අදාළ ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් හදුනාගෙන නැහැ.