
ව්‍යාජ පෙම්වතුන් ලෙස පෙනී සිටි පුද්ගලයන්ගේ වංචනික ක්‍රියාකාරම්වලට හසු වූ ඔස්ට්‍රේලියානු කාන්තාවක් තමන් සතු ඩොලර් ලක්ෂ අටකට ආසන්න මුදලක් අහිමි කරගෙන තිබෙනවා.
57 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තව පර්ත් හි පදිංචිකාරියක් ලෙසටයි තොරතුරු වාර්තා වන්නේ.
2018 වසරේදී පළමු විවාහයෙන් දික්කසාද වී ඇති අදාළ කාන්තාව Dating යෙදවුමක් (App) භාවිතා කිරීම නිසා වංචාකරුවන්ගේ ඉලක්කයක් බවට පත්වී තිබෙනවා.

එම Dating යෙදවුම (App) එක හරහා ඇය පළමුවරට “විලියම්” නමැති පුද්ගලයෙකු සමඟ මිතුරු වී ඇති අතර මාස කිහිපයක් ගෙවී ගිය පසු මෙම පුද්ගලයා අදාළ කාන්තාව රවටා මුදල් ලබා ගෙන ඇති බවයි පැවසෙන්නේ.
2022 වසරේදී ද ඇයට “නෙල්සන්” නම් පුද්ගලයෙකු හමු වී ඇති අතර එම පුද්ගලයා ද මෙම කාන්තාව රවටා මුදල් වංචා කර ඇති බවට කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.

වංචනිකයන්ගේ ගොදුරක් බවට පත්වූ මෙම කාන්තාව සිය විශ්‍රාම අරමුදල සහ නිවස විකිණීමෙන් ලද මුදල් ඇතුලු විශාල මුදල් ප්‍රමාණයක් අහිමි කරගෙන තිබෙන බව ද සදහන්.
මේ අතර ඔස්ට්‍රේලියාව පුරා පසුගිය වර්ෂයේ දී මෙවැනි වංචනික ක්‍රියා 3,200 ක් පමණ වාර්තා වී තිබෙනවා.
එම වංචනික ක්‍රියාවල ගොදුරු බවට පත්වූ ඔස්ට්‍රේලියානුවන් ඩොලර් මිලියන 24 කට ආසන්න මුදල් ප්‍රමාණයක් අහිමි කරගෙන ඇති බවයි සංඛ්‍යා දත්ත ඔස්සේ වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.