Search

වික්ටෝරියාවේ ප්‍රසිද්ධ ව්‍යාපෘතියකට විරෝධයක්

වික්ටෝරියා ප්‍රාන්තය තුළ ඉදි වීමට නියමිත “Suburban Rail Loop (SRL)” ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයන් උද්ගත වී තිබෙනවා.

ඊට හේතුව වී ඇත්තේ පසුගියදා පැවති Werribee අතුරු මැතිවරණයේ දී පාලක කම්කරු පක්ෂය ලැබූ විශාල පසුබෑම බවයි පැවසෙන්නේ.

2022 වසරට සාපේක්ෂව Werribee මැතිවරණ බල ප්‍රදේශය තුළ කම්කරු පක්ෂයේ ඡන්ද පදනමේ විශාල කඩා වැටීමක් පෙන්නුම් කෙරෙනවා.

අදාළ ව්‍යාපෘතිය සදහා සපයන අරමුදල් මෙල්බන් හි උතුරු සහ බටහිර ප්‍රදේශ තුළ ක්‍රියාත්මක වීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති සදහා ලබා දෙන ලෙසට කම්කරු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉල්ලීමක් ද සිදු කර තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.

SRL ව්‍යාපෘතියේ පළමු අදියර සදහා ඩොලර් බිලියන 9.3 ක මුදලක් වැය වනු ඇති බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.

කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් තමන් කැපවිමෙන් යුතුව කටයුතු කරන බවයි ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »