Search

නිවාස මිලදී ගැනීමට නුසුදුසුම නගර අතරට මෙල්බනුත් යයි

මෙල්බන් නගරයේ නිවාස වෙළදපොළ තුළ අර්බුද රැසක් පවතින බවට විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව පසුගිය වසර 05 ක කාල සීමාව තුළ දේපළ මිලදී ගැනීම නුසුදුසුම නගර අතර මෙල්බන් වෙත දෙවන ස්ථානය හිමිව තිබෙන බවයි Propertyology හි පර්යේෂණ මගින් පෙන්වා දී ඇත්තේ.

අදාළ කාල සීමාව තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ කලාප 03 ක පමණ නිවාස මිල දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවටයි මෙහිදී හදුනාගෙන ඇත්තේ.

ඊට අමතරව මෙල්බන් හි අර්ධ නාගරික ප්‍රදේශ 45 ක පමණ වසර 10 කට වරක් නිවාස මිල දෙගුණයකින් පමණ ඉහළ යනු ඇති බවට අනුමාන කෙරෙනවා.

Propertyology හි ප්‍රධානී සයිමන් ප්‍රෙස්ලි විසින් ඔස්ට්‍රේලියා නිවාස ආයෝජකයන්ගෙන් ඉල්ලා සිටින්නේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් නිවාස මිලදී නොගන්නා ලෙසයි.

ප්‍රාන්ත රජයේ අධික බදු ප්‍රතිපත්ති මේ සදහා හේතු වී තිබෙන බව ද ඔහු විසින් වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »