Search

2025 දී සීගිරිය ලෝකයේ ඉහළටම

මෙම වසරේ ලොව ඉහළ ආගන්තුක සත්කාරයක් සහිත නගරය (Most Welcoming City) බවට ශ්‍රී ලංකාවේ සීගිරිය පත්ව තිබෙනවා.

Booking.com විසින් සිදු කර ඇති මෙම ශ්‍රේණිගත කිරීම සදහා ලොව පුරා වෙසෙන මිලියන 360 ක පමණ පරිශීලකයන්ගේ Reviews අධ්‍යයනය කර තිබෙන බවයි දැක්වෙන්නේ.

සීගිරිය වෙත මෙහි පළමු ස්ථානය හිමි වීම හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාව වෙත සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් ලැබෙනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

එම නගර අතර දෙවන ස්ථානය ස්පාඤ්ඤයේ Cazorla නගරයට හිමිව ඇති අතර බ්‍රසීලයේ Urubici වෙත ලැබී ඇත්තේ එහි තුන් වන ස්ථානයයි.

ශ්‍රේණිගත කිරීමේ දී සිව් වන සහ පස් වන ස්ථාන පිළිවෙලින් දිනා ගෙන ඇත්තේ නවසීලන්තයේ Taupo සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ St.Augustine යන නගර බව ද සදහන්.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාවේ කිසිදු නගරයක් Top 10 ලැයිස්තුවට ඇතුලත් වී නැහැ.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »