Search

ඔස්ට්‍රේලියානු පුරුෂයන් වැඩිම පිරිසකගේ නිදහස සීමා වූ දින මෙන්න

මෙරට තුළ වැඩිම විවාහ උත්සව සංඛ්‍යාවක් සිදුවූ දින පිළිබඳව නවතම අනාවරණයක් සිදු කර තිබෙනවා.

2023 වසරේදී රට තුළ සිදුවූ විවාහ උත්සව සම්බන්ධ දත්ත පදනම් කරගෙන ඔස්ට්‍රේලියා සංඛ්‍යා ලේඛන කාර්යංශය විසින් මෙම වාර්තාව නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2023 වසරේ වැඩිම විවාහයන් ප්‍රමාණයක් සිදු වී ඇත්තේ නොවැම්බර් 11 වනදා වන අතර එම ප්‍රමාණය 1,799 ක් බවයි දැක්වෙන්නේ.

විවාහා උත්සව 1,714 ක් පැවති මාර්තු 25 වනදා මෙහි දෙවන ස්ථානයට පත්ව තිබීම ද කැපී පෙනෙනවා.

සැප්තැම්බර් 23 වනදා ඔස්ට්‍රේලියාව තුළ විවාහා උත්සව 1699 ක් පවත්වා තිබෙන බවයි මෙම දත්ත ඔස්සේ පෙන්වා දෙන්නේ.

විවාහ උත්සව 1,682 ක් නොවැම්බර් 18 වනදා පවත්වා තිබෙනවා.

මෙම සියලුම විවාහ උත්සව යෙදී ඇත්තේ සෙනසුරාදා දිනයන් හීදීයි.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »