
ඔස්ට්‍රේලියාවේ ගුවන් සමාගමක් මෙවර කලාපීය ගුවන් සේවයට හිමි සම්මාන හිමිකරගෙන තිබෙනවා.
ඒ වර්ජින් ඕස්ට්‍රේලියා ප්‍රාදේශීය ගුවන් සේවය (VARA) අඛණ්ඩව දෙවන වරටත් ලොව හොඳම කලාපීය ගුවන් සේවය බවට පත්වෙමින්.
මෙහිදී ආරක්ෂාව,වටිනාකම, මගී සුවපහසුව සහ නවෝත්පාදනය ඇතුළු නිර්නායක කිහිපයක් සලකා බලා තිබෙනවා.

තරඟය සඳහා ගුවන් සමාගම් 380 කට අධික සංඛ්‍යාවක් සහභාගී වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මේ අතර වර්ජින් ඔස්ට්‍රේලියාව, ගෝලීය හයිබ්‍රිඩ් ගුවන් සේවා කාණ්ඩයේ තුන් වන ස්ථානයට හිමි සම්මානය ද හිමිකර ගෙන තිබෙනවා.

සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජේන් හඩ්ලිකා පැවසුවේ මෙම ජයග්‍රහණය වර්ජින්ගේ සුවිශේෂී කාර්යමණ්ඩලයේ සැලකිය යුතු දායකත්වය පිළිබිඹු කරන බවයි.
එමෙන්ම විදේශිකයන්ට ලබාදෙන අපූරු සේවාව, විශ්වාසනීයත්වය සහ කාර්ය සාධනයක් ලබා දීම සඳහා අපගේ කණ්ඩායමේ කැපවීම, ගෝලීය පරිමාණයෙන් ඇගයීමට ලක්වීම පිළිබඳ ආඩම්බර වන බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.