
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (පෙබරවාරි 10) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.
ඒ අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් මිල සටහන් වූයේ රුපියල් 190යි ශත 95 ක් ලෙසයි.
ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැනුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 181 යි ශත 07 ක් ලෙසයි.

අද දිනයේ දී අමෙරිකානු ඩොලරයක විකිණුම් මිළ සටහන් වූයේ රුපියල් 301යි ශත 74 ක් ලෙස වන අතර එහි ගැණුම් මිල රුපියල් 293 යි ශත 18 ක් වනවා.
ඒ අනුව පසුගිය සතිය තුළ ඔස්ට්‍රේලියානු ඩොලරයේ උපරිම විකුණුම් අගය රුපියල් 192.17 ක් වු අතර මේ වන විට සුළු පහළ යෑමක් සිදුව ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.

එම වාර්තා අනුව යූරෝවක විකුණුම් මිල රුපියල් 312.67 ක් වන අතර එහි ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 300.33 ක් ලෙසයි.