Search

ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියා එක්දින සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියා සංචිතය නම් කර තිබෙනවා.

එම සංචිතය සදහා ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුලත්.

මෙම තරගාවලියේ දී ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය ස්ටීව් ස්මිත්ට හිමිවනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.

තරග දෙකකින් සමන්විත තරගාවලියේ පළමු තරගය අනිද්දා (12) ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියා සංචිතය තුළ නවක ක්‍රීඩකයන් රැසකට මෙවර අවස්ථාව ලබා දී තිබීම ද කැපී පෙනෙනවා.

තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියා සංචිත පහතින්

Sean Abbott, Alex Carey, Cooper Connolly, Ben Dwarshuis, Nathan Ellis, Jake Fraser-McGurk, Spencer Johnson, Aaron Hardie, Travis Head, Josh Inglis, Marnus Labuschagne, Glenn Maxwell, Tanveer Sangha, Matt Short, Steve Smith, Mitchell Starc, Adam Zampa