Search

සංක්‍රමණිකයන්ගේ සමූහ මිනීවලක් ලිබියාවෙන් හමුවෙයි

සංක්‍රමණිකයින් 50 දෙනෙකුට ආසන්න සමූහ මිනිවල වල් 2 ක් ලිබියාවේ කාන්තාරයක තිබී හමුවී තිබෙනවා.

ලිබියාව යනු අප්‍රිකාව සහ මැද පෙරදිග සිට යුරෝපයට යාමට උත්සහ කරන සංක්‍රමණිකයින් සඳහා ප්‍රමුඛ මධ්‍යස්ථානයක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

එම සංක්‍රමණිකයින් භූමදානය කිරීමට පෙර වෙඩි තබා මරා දමා ඇති බවයි පශ්චාත් මරණ පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ.

එහිදී පුද්ගලයන් 70 කට ආසන්න පිරිසක් සොහොන් ගැබේ මිහිදන් කළ බව දිවි ගලවා ගත් පිරිස පැවසූ අතර බලධාරීහු තවමත් එම ප්‍රදේශය සෝදිසි කරමින් සිටිනවා.

මේ අතර සංක්‍රමණිකයන් රඳවා තබා ගැනීම සහ වධහිංසා පැමිණවීමේ චෝදනා සම්බන්ධයෙන් සැකපිට ලිබියානු ජාතිකයෙකු සහ විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංක්‍රමණිකයන් සම්බන්ධ සමූහ මිනීවළවල් ලිබියාවේ සාමාන්‍ය දෙයක් වන අතර පසුගිය වසරේ ට්රිපොල් අගනුවර ආසන්නයෙන් සංක්‍රමණිකයන් 65 කට ආසන්න පිරිසකගේ මළ සිරුරු සොයාගත් බවයි මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »