
මෙල්බන්හි ඩොලර් මිලියන 2.5 ක ලොතරැයි ත්‍යාගයේ හිමිකරු තවමත් ඉදිරිපත් වී නැතැයි මාධ්‍ය වාර්තා පවසනවා.
පසුගිය සෙනසුරාදා දිනුම් අදින ලද ටැට්ස් ලොටෝ (TattsLotto) ලොතරැයිය මිලට ගෙන ඇත්තේ මුල්ග් රේව් හි ජැක්සන් පාරේ පිහිටි වෙළඳසලකින්.
එම වෙළඳසැලෙන් ටිකට් පත් මිලට ගත් සියලුදෙනා දිනුම් අංක පරික්ෂා කරන ලෙසයි ලොතරැයි ප්‍රකාශකවරිය ඉල්ලා සිටින්නේ.

ඇය වැඩිදුටත් කියාසිටියේ ඩොලර් මිලියන 2.5 ත්‍යාගය දිනා ඇත්දැයි ඔබ දන්නේ නම් ඔබගේ ඉතුරු ජීවිත කාලය සතුටින් ගත කළ හැකි බවයි.
එම ලොතරැයියේ ජයග්‍රාහී අංක වන්නේ 42, 6, 15, 35, 40 සහ 25 වන අතර පරිපූරක අංක වනුයේ 38 සහ 20 යි.

අනෙක් ජයග්‍රාහී ටිකට් පත මිලදී ගෙන ඇත්තේ දකුණු ඔස්ට්‍රේලියාවෙනුයි.