Update: ගුවන් සේවකයෙකුට COVID හැදුණත් ඔස්ටේ්‍රලියාව සමග සංචාරක බුබුළට බලපෑමක් නෑ

ඔස්ටේ්‍රලියාව සමග ගුවන් සංචාරක බුබුළ ආරම්භ කර එක් දිනයක් තුළ නවසීලන්තයේ ඕක්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සේවකයෙකු කොව්ඩ් ආසාධිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.

වසරකට පමණ කාලයකට පසු ඊයේ දිනයේදී දෙරට අතර ගුවන් මගීන් දහස් සංඛ්‍යාත පිරිසක් සංචාරය කල බව සඳහන්.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් මහත්මිය ප්‍රකාශ කලේ අදාළ සේවකයා කොවිඩ් ඉහළ අවධානම් සහගත රටවලින් පැමිණෙන ගුවන් යානා පිරිසිදු කිරීමෙහි නිරත වූවෙකු බවයි.

මෙම සිදුවීම හමුවේ ගුවන් සංචාරක බුබුළට කිසිදු බලපෑමක් නොමැති බවද අග්‍රාමාත්‍යවරිය කියාසිටියා.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »