Search

ඔස්ට්‍රේලියානු විශ්‍රාමිකයන් ලොකු අර්බුදයක

elder

විශ්‍රාමික ඔස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් දෙකක් දරිද්‍රතාවයෙන් පෙළෙන අතර ඔවුන්ගේ නිවාස හිමිකාරිත්වය පහළ වැටී ඇති බව නව වාර්තාවකින් හෙළිව තිබෙනවා.

දුගී අය අතරින් හතරෙන් තුන් දෙනෙක්ම තනිකඩ කාන්තාවන් බවයි ග්රැටන් ආයතනය සිදුකළ නවතම අධ්‍යයනයෙන් හෙළිව ඇත්තේ.

එමෙන්ම වයස්ගත ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව වැඩිවීම ද මෙම නිවාස ගැටළුවට හේතුවී ඇතැයි සඳහන්.

වයස අවුරුදු 45 සිට 54 දක්වා පසුවන වැඩිහිටියන්ගේ දුප්පත්කම සියයට 40 ක් වන අතර ඔවුන්ගේ නිවාස හිමිකාරිත්වය 68% සිට 54% දක්වා පහත වැටී ඇති බව වාර්තාවේ දැක්වෙනවා.

සාමාන්‍යයෙන් තනි විශ්‍රාමික පුද්ගලයෙකුට ආහාර, ප්‍රවාහන, විදුලිය වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සතියකට ඩොලර් 379 ක් අවශ්‍ය වනවා.

ඒ හේතුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලය කුලී ආධාර ඉහළ නැංවීම කටයුතු කළද එය ප්‍රමාණවත් නොවන බවයි පර්යේෂකයින් පෙන්වාදෙන්නේ.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »