
ශ්‍රී ලංකාවේ රට පුරා විදුලිය විසන්ධිවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ පානදුර ග්‍රිඩ් ට්‍රාන්ස්ෆෝමරයේ ගැටුණු වඳුරෙකු නිසා බව විදෙස් මාධ්‍ය පවසනවා.
මේ අතර ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාව පවත්වාගෙන යාමට හැකිවන පරිදි කිසිදු සැලැස්මක් පසුගිය රජයෙන් ක්‍රියාත්මක කර නැතැයි ශ්‍රී ලංකා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා චෝදනා කරනවා.
තාක්ෂණය පිළිබඳ වැටහීමක් නොමැති දුර්වල මඟ පෙන්වීමත් මෙම තත්ත්වය උදාකරන්නට හේතුවූ බව මූලික විමර්ශනවලින් පෙනී යන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

නමුත් මෙම තත්ත්වයට හේතු වූ කරුණු ගැඹුරින් විමසා බලා නැවත මෙවන් තත්ත්වයක් උදා නොවීමට පියවර ගන්නා බවද ඔහු අවධාරණය කළා.
විදුලිය බිඳ වැටීම හේතුවෙන් අපහසුතාවට පත්වූ ජනතාවට කනගාටුව ප්‍රකාශ කළ අමාත්වියවරයා සඳහන් කළේ පද්ධතිය යථා තත්ත්වයට පත් කරන්නට වෙහෙසුණු සහ සහයෝගය දුන් සියලු දෙනාටත් ස්තුති වන්ත ලෙසයි.

ඊයේ (09) පෙරවරු 11.15ට පමණ ශ්‍රී ලංකාව පුරා මෙම විදුලි බිඳවැටීම සිදුව තිබූ අතර විදුලි ඉංජිනේරුවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය වහා එය ක්‍රමක් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වල සඳහන් වන්නේ.
විදුලි බිඳවැටීම හේතුවෙන් ජල පොම්පාගාරවල සිට ජලය බෙදාහැරීමේ කටයුතුවලට බාධා පැමිණි බව ද ජල සම්පාදන මණ්ඩලය පවසා තිබෙනවා.