
ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් තුළ බිත්තර හිඟවීමේ අවදානමක් මතුවනු ඇතැයි මාධ්‍ය වාර්තා පළවනවා.
වික්ටෝරියාවේ ගොවිපළක කුරුළු උණ රෝගය ව්‍යාප්තවීම ඊට හේතුවයි.
මේ හේතුවෙන් ගොවිපළ අවට කිලෝමීටර් 5 ක පමණ ප්‍රදේශයක් නිරෝධනයට ලක්කර තිබෙනවා.

පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ H7N8 නම් කුරුළු උණ වෛරසයක් මෙම ගොවිපළෙන් වාර්තා වී ඇති බවයි.
එය පසුගිය වසරේ කුකුළු ගොවිපලවල් වලට බලපෑ ප්‍රෙභ්දයන්ට වඩා වෙනස් වන අතර එහිදී එම වෛරසයෙන් කුරුල්ලන් මිලියන 1.3 ක් පමණ විනාශ වුණා.

ඉදිරි සතියේදී කුකුළන් 76,000 ක් පමණ විනාශ කිරීමට සිදුවනු ඇති බවද බලධාරීන් කියාසිටියා.
පවතින තත්වය මත ඉල්ලුම අඩුවීමෙන් බිත්තර මිලද පහත වැටෙනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.
මෙම වෛරසය වේගයෙන් කුරුල්ලන් අතර ව්‍යාප්ත වුවද මිනිසුන් අතර පහසුවෙන් ව්‍යාප්ත නොවන බවයි මාධ්‍ය වාර්තා පළකළේ.