
මේ වසරේ ගත වූ දින කිහිපයේදී වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග අනතුරු සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි පොලීසිය පවසනවා.
වික්ටෝරියා පොලීසිය මෝටර් රථ සඳහා හදිසි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වසරේ මේ දක්වා ජීවිත හානි 38 ක් වාර්තා වී ඇති අතර පසුගිය වසරට සාපේක්ෂව එය සියයට 35 ක ඉහළ යාමක් බව ඔවුන් සඳහන් කළා.

ජනවාරි මාසයේ පමණක් මාර්ග අනතුරුවලින් මියගිය ගණන 36 ක් වන අතර එය 2001 වසරේ ජනවාරියට අනුව අහිමි වූ වැඩිම ජීවිත ගණනයි.
මාර්ග අනතුරු මැඩපැවැත්වීම වෙනුවෙන් මෝටර් රථ පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන බවයි වික්ටෝරියා පොලීසිය අවධාරණය කළේ.

අධික වේගය, අනාරක්ෂිත රිය පැදවීම, නීති විරෝධී යූ-ටර්න්, මාර්ගයේ ඉඩ ලබාදීමට අපොහොසත්වීම, රියදුරුගේ හැසිරීම සහ රිය පැදවීමේ දෝෂ මෙම මාරාන්තික අනතුරුවලට ප්‍රධාන සාධක වනවා.