Search

Bulk Billing සේවාවන් නවතියිද? – රෝගීන් මූල්‍ය ගැටළු රැසක

මෙරට තුළ Bulk Billing ක්‍රමවේදය භාවිතා කරන වෛද්‍යවරුන්ගේ සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කරනවා.

Cleanbill විසින් සිදු කළ නවතම සමීක්ෂණයක ප්‍රතිඵල ඔස්සේ අනාවරණය වී ඇත්තේ ෆෙඩරල් මැතිවරණ කොට්ඨාසවලින් 10% ක පමණ Bulk Billing ක්‍රමවේදය භාවිතා කරන වෛද්‍යවරුන් මේ වනවිට නොමැති බවයි.

අදාළ සමීක්ෂණය ඔස්සේ ෆෙඩරල් මැතිවරණ කොට්ඨාස 151 ක් තුළ පිහිටි වෛද්‍ය සායන 7000 ක ප්‍රමාණයක් පිළිබඳව මූලික අවධානයක් යොමු කර තිබෙනවා.

එහිදී හදුනාගෙන ඇත්තේ ෆෙඩරල් මැතිවරණ කොට්ඨාස 15 ක් තුළ තවදුරටත් Bulk Billing ක්‍රමවේදය ක්‍රියාත්මක නොවන බවයි.

වසර දෙකක කාල සීමාවක් තුළ පැවති තත්වයට සාපේක්ෂව මෙහි යම් වර්ධනයක් පෙන්නුම් කෙරෙනවා.

පිරිවැය ඉහළ යෑම හේතුවෙන් වෛද්‍යවරුන් හමුවීමට රෝගීන් මැලිකමක් දක්වන බව ද වැඩිදුරටත් සදහන්.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »