
විදුලි බිල්පත් සදහා ඔස්ට්‍රේලියානුවන්ට හිමි වන වට්ටම් නිසි පරිදි නොලැබෙන බවට අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව සෑම ඔස්ට්‍රේලියානුවන්ට දස දෙනෙකුගෙන් හය දෙනෙකුටම මෙම වට්ටම් ලබා ගැනීමට නොහැකි වන බවටයි මෙහිදී හෙළිදරව් වී ඇත්තේ.
රට පුරා වෙසෙන ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනකට සහන කාඩ්පත් ක්‍රමවේදය ඔස්සේ විදුලි බිල්පත් සදහා අමතර වට්ටම් හිමි වනවා.

කෙසේ වෙතත් ඔවුන්ගෙන් වැඩි පිරිසකට එම වට්ටම් පිළිබඳව නිසි අවබෝධයක් නොමැති බවයි පැවසෙන්නේ.
බලශක්ති සමාගම්වල ක්‍රියාකලාපය හමුවේ ඇතමුන්ට මෙම වට්ටම් ලබා ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී තිබෙන බව ද සදහන්.

මේ අතර Melbourne Institute සහ රෝයි මෝගන් සමාගම විසින් ඒකාබද්ධව සිදු කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ සහන කාඩ්පත් හිමියන්ගෙන් තුනෙන් දෙකක් පමණ තමන්ට වට්ටම් හිමි වන අංශයන් පිළිබඳව කිසිවක් නොදන්නා බවයි.
සෑම වසරකම ඩොලර් මිලියන 108 ක පමණ විදුලි බිල්පත් සදහා හිමි වන වට්ටම් ඔස්ට්‍රේලියානුවන් විසින් ලබා නොගන්නා බවයි ඇස්තමේන්තු දත්ත ඔස්සේ වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.