Search

ශ්‍රම බලකායේ ගැටළු විසදන්න වික්ටෝරියා රජය සැරසෙයි

වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් කුසලතාවලින් පරිපූර්ණ ශ්‍රම බලකායක් ගොඩ නැගීමට කටයුතු කරමින් සිටිනවා.

එහිදී වික්ටෝරියා රජය විසින් මේ වනවිට විශාල ප්‍රගතියක් අත් කර ගෙන ඇති බවයි ප්‍රාන්ත නිල වෙබ් අඩවිය විසින් වාර්තා කර ඇත්තේ.

විශේෂයෙන්ම ප්‍රාන්තය තුළ සේවා නියුක්තිය වැඩි දියුණු කිරීම සදහා TAFE වැඩසටහන මගින් විශාල කාර්යභාරයක් ඉටු කරන බව ද සදහන්.

TAFE වැඩසටහන ඔස්සේ ප්‍රාන්තයේ විවිධ ක්ෂේත්‍රයන් හි සේවය කිරීමට බලාපොරොත්තු වන ආධුනිකයන්ට අවශ්‍ය වෘත්තීය පුහුණුව ලබා දීම සිදු වනවා.

ප්‍රාන්ත රජය විසින් ක්‍රියාත්මක කරන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතිවලදී ආධුනිකයන්ට සහ අභ්‍යාසලාභීන්ට 10% ක පමණ රැකියා අවස්ථා ලබා දී ඇති බවයි පැවසෙන්නේ.

ඒ හරහා ආධුනිකයන්ට මනා පුහුණුවක් ලබා ගැනීමට අවකාශය හිමි වන බව ද වැඩිදුරටත් සදහන්.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »