
ලොව පොත් සාප්පු වැඩිම නගර පිළිබඳව නවතම අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.
මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ World Cities Cultural Forum දත්ත මත පදනම්ව බවයි දැක්වෙන්නේ.
එහිදී ලොව එක් එක් නගරවල පුද්ගලයන් 100,000 කට පවතින පොත් සාප්පු පිළිබඳවයි මූලික අවධානයක් යොමු කර ඇත්තේ.

ලොව පොත් සාප්පු වැඩිම නගර අතර දෙවන ස්ථානය හිමිව තිබුණේ මෙල්බන් නගරයටයි.
මෙල්බන් ජනගහණයෙන් පුද්ගලයන් 100,000 කට පවතින පොත් සාප්පු ප්‍රමාණය 33.9% ක් බවයි එම අධ්‍යයනය ඔස්සේ පෙන්වා දී ඇත්තේ.

මෙහි පළමු ස්ථානය පෘතුගාලයේ ලිස්බන් නගරය වෙත හිමිව තිබීම ද කැපී පෙනෙනවා.
චීනයේ Chengdu සහ සහ ආර්ජන්ටිනාවේ Buenos Aires වෙත පිළිවෙලින් එහි තුන්වන සහ සිව් වන ස්ථාන හිමිව තිබෙන බව ද වැඩිදුරටත් සදහන්.