Search

Ex Girlfriend ගේ මරණ තර්ජන නිසා ලාංකික කතකට නවසීලන්තයේ සරණාගතභාවය

ශ්‍රී ලාංකික කාන්තාවකට සිය හිටපු පෙම්වතියගෙන් එල්ල වන මරණ තර්ජන හේතුවෙන් නවසීලන්තයේ සරණාගතභාවය හිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සිටින ඇයගේ හිටපු පෙම්වතිය හමුදා සේවයේ නියුතු තැනැත්තියක් ලෙසයි වාර්තා වන්නේ.

2011 වසරේ සිට ඔවුන් දෙදෙනා අතර රහසිගතව ප්‍රේම සබදතාවක් ඇති වී තිබෙන අතර 2017 වසරේදී එය අදාළ කාන්තාවගේ මවට හසුවී තිබෙන බවයි පැවසෙන්නේ.

ඒ හේතුවෙන් මෙම කාන්තාවට විවාහයක් සිදු කර දීමට සිය දෙමව්පියන් විසින් කටයුතු කර තිබෙනවා.

ඇයගේ හිටපු පෙම්වතිය විසින් 2021 වර්ෂයේ දී හමුදා නිලධාරීන් තිදෙනෙකු සමග තම නිවසට පැමිණ නිවසේ සිටි අදාළ කාන්තාවගේ මවට ගිනි අවි පෙන්වා තර්ජනය කර තිබෙන බවයි ප්‍රකාශ කර ඇත්තේ.

සිද්ධියට මුහුණ දුන් කාන්තාව සරණාගතභාවය අපේක්ෂා කිරීමට පෙර නවසීලන්තයට සංක්‍රමණය වී ඇත්තේ තම හිටපු පෙම්වතියගෙන් බේරීමට සහ අධ්‍යාපන කටයුතු සදහා බවද එහි වැඩිදුරටත් සදහන්.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »