Search

වෝන් – මුරලි කුසලානයේ ජය ඔස්ට්‍රේලියාවට

වෝන් – මුරලි කුසලාන ටෙස්‍ට් තරගාවලියේ ජය හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද (09) සමත් වුණා.

ඒ දෙරට අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 09 ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාවට හැකි වීමත් සමඟයි.

ඉකුත් පෙබරවාරි 06 වනදා ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

සිය පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කර ගත හැකි වූයේ ලකුණු 257 ක් පමණයි.

පළමු ඉනිමේදී දක්ෂ ක්‍රීඩා විලාසයක් ප්‍රදර්ශනය කළ ඔස්ට්‍රේලියානු පිතිකරුවන් අගනා ලකුණු 414 ක් කණ්ඩායම වෙනුවෙන් රැස් කළා.

දෙවන ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 231 ක් රැස් කළද එය තරගය ජයග්‍රහණය සදහා ප්‍රමාණවත් වූයේ නැහැ.

ලකුණු 75 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසු කර ගියා.

ඔස්ට්‍රේලියා කණ්ඩායම අවසන් වරට ශ්‍රී ලංකාවේ දී ටෙස්ට් තරගාවලියක් ජය ගෙන තිබුණේ 2011 වසරේදීයි.

ශ්‍රී ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ කෙරෙන Aus Lanka TV Education Migration Expo 2025 සදහා තවත් දින 05 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “Aus Lanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින පහක් පමණයි.

Read More »