Search

රටවිරුවන්ගෙන් ලංකාවට වාර්තාගත $ ප්‍රමාණයක්

2024 වසරේ ජනවාරියට සාපේක්ෂව 2025 වසරේ මේ වනවිට විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ශ්‍රී ලංකාවට ලැබී ඇති ප්‍රේෂණ වල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරනවා.

2025 ජනවාරි මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් ශ්‍රී ලංකාවට යවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය අමරිකානු ඩොලර් මිලියන 573ක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්වාදෙන්නේ.

මෙය 2024 ජනවාරි මාසයේ වාර්තා වූ ප්‍රේෂණ ප්‍රමාණය වන ඩොලර් මිලියන 487.6 හා සැසදීමේ දී 17.5%ක කැපීපෙනෙන වර්ධනයක් බව එම වාර්තාවල දැක්වෙනවා.

එමෙන්ම පසුගිය 2024 සමස්ත වර්ෂය තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 6.57 ක්.

මෙය 2023 වසරේ ලද ප්‍රේෂණ ප්‍රමාණය වූ ඩොලර් බිලියන 5.96ට වඩා 10.1% ක ඉහළ යාමක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව කියාසිටියේ.

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම හැරුණුකොට දෙවැනියට වැඩිම විදෙස් විනිමයක් ශ්‍රී ලංකාවට ලැබෙනුයේ විදෙස්ගත ශ්‍රමිකයින් ගේ ප්‍රේෂණ මගිනුයි.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »