
වික්ටෝරියා ප්‍රාන්තයේ Prahran හි ඊයේ (08) අතුරු මැතිවරණයෙන් ලිබරල් පක්ෂ අපේක්ෂක Rachel Westaway ජයග්‍රහණය කර ඇති බවට ප්‍රාන්ත විපක්ෂ නායක බ්‍රෑඩ් බැට්න් විසින් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව 2014 වසරේ සිටම අඛණ්ඩව Prahran මැතිවරණ බල ප්‍රදේශයේ බලය හිමි කරගෙන සිටි Greens පක්ෂය මෙවර අතුරු මැතිවරණයෙන් පරාජයට පත්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ඊයේ (08) රාත්‍රියේ දී පැවති මාධ්‍ය හමුවකදී Prahran හි Greens පක්ෂ අපේක්ෂක ඇන්ජලිකා ඩී කැමිලෝ විසින් තමන් මෙවර අතුරු මැතිවරණයෙන් පරාජයට පත්වී ඇති බවට පිළිගෙන තිබෙන බව ද සදහන්.

මේ අතර ඊයේ පැවති Werribee අතුරු මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව පාලක කම්කරු පක්ෂයේ අපේක්ෂක John Lister ඉදිරියෙන් පසු වනවා.
2022 වසරට සාපේක්ෂව පාලක කම්කරු පක්ෂයේ ඡන්ද පදනමේ විශාල කඩා වැටීමක් පෙන්නුම් කෙරෙනවා.

ඔස්ට්‍රේලියා ෆෙඩරල් මැතිවරණය නුදුරේදීම පැවැත්වීමට නියමිතයි.
කෙසේ වෙතත් පාලක කම්කරු පක්ෂය මෙවැනි අතුරු මැතිවරණවලදී ලබන පසුබෑම ෆෙඩරල් මැතිවරණයේ ඔවුන්ගේ ඡන්ද පදනම කෙරෙහි අවසිදායක වනු ඇති බවටයි විචාරක මතය වී ඇත්තේ.