
TikTok මිලට ගැනීමේ උනන්දුවක් තමන් තුළ නැතැයි ලොව ධනවත් ම පුද්ගලයා වන ඊලෝන් මස්ක් (Elon Mask) පවසනවා.
ඔහු විදෙස් මාධ්‍යයකට පවසා ඇත්තේ තමා TikTok සඳහා ලංසුවක් ඉදිරිපත් කර නොමැති බවත් TikTok තිබේ නම් ඒ සඳහා කිසිදු සැලසුමක් ද නොමැති බවයි.
මාසික අමරිකානු පරිශීලකයන් මිලියන 170 ක් පමණ සිටින චීනයට අයත් මෙම යෙදුම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව සලකා පසුගිය ජනවාරි 20 වනදා අමරිකාවේ තහනම් කරනු ලැබුවා.

එහෙත් මෙම තහනම තවත් දින 75 ක් ප්‍රමාද කිරීමටයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත්තේ.
මේ අතර සමහර ආයෝජකයින් TikTok සඳහා වන උනන්දුව ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කර තිබෙනවා.

MrBeast හෙවත් ජිමී ඩොනල්ඩ්සන්, “ෂාර්ක් ටැන්ක්” , කෙවින් ඕ’ලියරි සහ ලොස් ඇන්ජලීස් ඩොජර්ස් හි හිටපු හිමිකරු ෆ්රෑන්ක් මැක්කෝට් ද ඒ අතර වනවා.