Search

පැට් කමින්ස් ගේ පවුලට අලුත් අමුත්තෙක්

ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියට සහභාගී නොවීමට හේතුව ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් නායක පැට් කමින්ස් පවසා තිබෙනවා.

සිය දෙවන දරුවාගේ උපත හේතුවෙන් මෙවර ශ්‍රී ලංකා සංචාරයට එක්නොවීමට තීරණය කළ බවයි ඔහු මාධ්‍යයට පවසා ඇත්තේ.

පැට් කමින්ස්ගේ බිරිඳ වන බෙකී සිය දෙවැනි දරුවා වන දියණියගේ උපත පිළිබඳ සටහනක් ඉන්ස්ටග්රෑම් ඔස්සේ ඊයේ නිවේදනය කරනු ලැබුවා.

ඇයට නම් තබා ඇත්තේ “එඩී” ලෙසයි.

පැට් කමින්ස් ගේ නායකත්වය යටතේ ඔස්ට්‍රේලියා කණ්ඩායම ජයග්‍රහණ රැසක් ලබා තිබෙනවා.

වළලුකර ප්‍රදේශයේ පවතින ආබාධ තත්වය හේතුවෙන් නුදුරේදී ආරම්භ වීමට නියමිත ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට ඔස්ට්‍රේලියානු නායකයා විසින් තීරණය කර ඇත්තේ.

ශ්‍රී ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ කෙරෙන Aus Lanka TV Education Migration Expo 2025 සදහා තවත් දින 05 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “Aus Lanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින පහක් පමණයි.

Read More »