Search

ගොවිපළකින් කුරුළු උණ හමුවෙයි – කුකුල් මස් ගැන වික්ටෝරියානුවන්ට අනතුරු ඇඟවීමක්

කුරුළු උණ වෛරසය තහවුරු වීමෙන් පසු වික්ටෝරියා ගොවිපළක් නිරෝධායනයට ලක්කර තිබෙනවා.

පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ H7N8 නම් කුරුළු උණ වෛරසයක් උතුරු වික්ටෝරියාවේ ගොවිපළකින් සොයාගත් බවයි.

එය පසුගිය වසරේ කුකුළු ගොවිපලවල් වලට බලපෑ ප්‍රෙභ්දයන්ට වඩා වෙනස් වන අතර එම වසරේ ඒ සඳහා වූ පිරිවැය ඩොලර් මිලියන ගණනක් බවයි බලධාරීන් කියාසිටියේ.

වික්ටෝරියා හි වැඩබලන ප්‍රධාන පශු වෛද්‍යවරයා සඳහන් කළේ ගොවිපළේ සිට කිලෝමීටර් 5 ක පාලන ප්‍රදේශයක නිරෝධායනය ක්‍රියාත්මක බවයි.

එමෙන්ම වෛරසය ආසාදනය වූ කුකුළු මස් වෙළඳපොළෙන් ඉවත් කිරීමටත් වසංගතය පාලනයට සියලුම ක්‍රියාමාර්ග ගැනීමටත් බලධාරීන් වහා කටයුතු කර ඇතැයි ඔහු පැවසුවා.

පසුගිය සතියේ, ෆෙඩරල් රජය ගෝලීය වශයෙන් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින H5 කුරුළු උණ රෝගය වෙනුවෙන් ඩොලර් මිලියන 100 ක ආයෝජනයක් සිදුකර තිබෙනවා.

මේ අතර අද වනවිට මෑත කාලීනව ව්‍යාප්ත වන H5N1 හඳුනා නොගත් එකම මහාද්වීපය ඕස්ට්‍රේලියාවයි.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »