
මෙල්බන් නිවසක් තුළ සිදුවූ ගින්නකින් පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් රහස් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
පසුගිය බදාදා රාත්‍රියේ ශාන්ත කිල්ඩාහි චැපල් වීදියේ නිවසක ඇති වූ ගින්නක් සම්බන්ධයෙන් හදිසි සේවා කැඳවා තිබුණා.
එහිදී බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු ගිනි නිවන භටයින්ට හමු වූ අතර ඔහු එම ස්ථානයේ ම මියගොස් සිටි බවයි තහවුරු වී ඇත්තේ.

මියගිය තැනැත්තා අවුරුදු 60 ක් පමණ වයසැති පුද්ගලයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසිය සිදුකළ සෝදිසි මෙහෙයුමකදී 30 හැවිරිදි පුද්ගලයෙකු ශාන්ත කිල්ඩා හිදී සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වනවිට ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකෙරෙන අතර විමර්ශන තවදුරටත් ක්‍රයාත්මක බව පොලීසිය සඳහන් කළා.