Search

ඇල්බනීස් රජයෙන් කාන්තාවන්ට දීපු මැතිවරණ පොරොන්දුව

ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීමට ඇල්බනීස් රජය ඩොලර් මිලියන 573 ක අරමුදලක් යෙදවීමට සූදානම් වනවා.

ඉදිරියේදී පවතින මැතිවරණය හමුවේ මැතිවරණ පොරොන්දුවක් ලෙස ඔවුන් මෙය ලබාදෙනු ඇති.

ඒ අනුව කාන්තාවන්ගේ දීර්ඝ කාලීන උපත් පාලන ක්‍රම සඳහා මෙඩිකෙයා ප්‍රතිපාදන වෙන්කිරීමට සැලසුම් සකස් කර ඇති බව ඇල්බනීස් රජය කියාසිටියා.

2023 වසරේ දී කාන්තාවන්ගේ ප්‍රජනන සෞඛ්‍ය සඳහා වූ මෙඩිකෙයා ඉවත් කිරීමට සම්බන්ධයෙන් වාර්තා වූ නමුත් රජය ඊට තවමත් ප්‍රතිචාර දක්වා නැහැ.

‍සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් පැවසුවේ ප්‍රජනන සෞඛ්‍ය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු කාන්තාවන්ට අඩු පිරිවැයක් යටතේ වඩා හොඳ සෞඛ්‍ය සේවාවක් සැපයීමට කාලය එළඹ ඇති බවයි.

මේ අතර විශේෂඥ ප්‍රතිකාර, ටෙලිහෙල්ත් සේවාවන් වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භකර ඇති බවයි වාර්තාවල දැක්වෙන්නේ.