Search

Victoria Fire Union හි ලේකම්ට එරෙහිව චෝදනා රැසක්

වික්ටෝරියා ගිනි නිවීමේ සංගමය (Victoria Fire Union) තුළ මේ වනවිට ගැටළු රැසක් උද්ගත වී තිබෙනවා.

ඒ සංගමයේ වත්මන් ලේකම් පීටර් මාෂල්ගේ වැටුප් පිළිබඳව හෙළිදරව් වීමත් සමඟ බවයි පැවසෙන්නේ.

Fair Work කොමිසම වෙත ගොනු කර තිබෙන ලේඛන හරහා අනාවරණය වී ඇත්තේ එක්සත් ගිනි නිවන භටයන්ගේ සංගමයේ වික්ටෝරියානු ශාඛාව විසින් 2024 වර්ෂයේ දී පීටර් මාෂල් වෙත වැටුපට අමතරව නිවාඩු හිමිකම් වෙනුවෙන් ඩොලර් 544,735 ක මුදලක් ගෙවා ඇති බවයි.

වැටුපත් සමඟ ඔහු ලබාගෙන ඇති සමස්ත මුදල් ප්‍රමාණය ඩොලර් 985,000 ට වඩා වැඩි බවයි මෙම ලේඛන හරහා පෙන්වා දී ඇත්තේ.

මීට අමතරව ලේකම්වරයා විසින් සිය සහෝදරයා විසින් පවත්වාගෙන යනු ලබන සමාගමක් වෙත වෙබ් අඩවිය පවත්වාගෙන යෑම වෙනුවෙන් ඩොලර් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් ගෙවා ඇති බවද අනාවරණය වී තිබෙනවා.

වසර තුනක කාලසීමාවක් සදහා පීටර් මාෂල් පසුගිය වසරේ දී නැවත වරක් එම ධූරය සදහා තේරී පත් වී තිබෙන බවද වැඩිදුරටත් සදහන්.

ශ්‍රී ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ කෙරෙන Aus Lanka TV Education Migration Expo 2025 සදහා තවත් දින 05 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “Aus Lanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින පහක් පමණයි.

Read More »

වික්ටෝරියාවේ ගෑස් අර්බුදය යළිත් උග්‍ර අතට

අධික ගෑස් මිල ගණන් සහ සීමිත සැපයුම් හේතුවෙන් ඔස්ට්‍රේලියානු කර්මාන්තකරුවන් ගෝලීය වෙළඳපොළේ ගැටලු රැසකට මුහුණ දෙන බවට නවතම වාර්තාවක් හෙළිකර තිබෙනවා.

Read More »