
ඔස්ට්‍රේලියා රජයේ වියදම් කපා හැරීමේ සැලසුම් යෝජනාවක් එළි දක්වා තිබෙනවා.
මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ One Nation පක්ෂය විසින් බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ෆෙඩරල් රජයේ වියදම් වලින් ඩොලර් බිලියන 90 ක පමණ මුදලක් කපා හැරිය යුතු බවටයි එම පක්ෂය විසින් අවධාරණය කර ඇත්තේ.

One Nation පක්ෂ නායිකා Pauline Hanson විසින් පෙන්වා දී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ වත්මන් දිශානතිය පිළිබඳව තමන් බෙහෙවින් කණගාටුවට පත්ව සිටින බවයි.
අදාළ සැලසුම ඉදිරියට ගෙන යා යුතු බව ද ඇය විසින් සදහන් කර තිබෙනවා.

වත්මන් රජය විසින් සිදු කරන මුදල් නාස්තිය අනුමත කළ නොහැකි බවයි එම පක්ෂය විසින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.