
AUKUS ගිවිසුම සදහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහය හිමි වන බවට ප්‍රකාශ කර තිබෙනවා.
ගිවිසුම් ප්‍රකාරව ඔස්ට්‍රේලියා රජය විසින් ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක මුදලක් ගෙවා තිබෙන බවයි පැවසෙන්නේ.
පසුගියදා ඔස්ට්‍රේලියා ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් සහ එක්සත් ජනපද ආරක්ෂක ලේකම් Pete Hegseth අතර විශේෂ හමුවක් පෙන්ටගනයේ දී පැවැත්වුණා.

එම හමුවෙන් අතරතුර දී ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා විසින් අදාළ වැඩසටහන සම්බන්ධයෙන් නව ජනාධිපතිරයාගේ ස්ථාවරය පිළිබඳව අදහස් ඉදිරිපත් කර තිබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ.
අදාළ ගිවිසුමට අනුව න්‍යෂ්ඨික සබ්මැරීන් නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාව විසින් ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 4.78 ක මුදලක් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

එහි පළමු පියවර වශයෙන් අදාළ මුදල් ප්‍රමාණය ඉකුත් දා ගෙවීමටයි ඔස්ට්‍රේලියා රජය විසින් පියවර ගෙන තිබුණේ.