Search

මී මැස්සන්ගේ කුසලතා ගැන ඔස්ට්‍රේලියාවෙන් අපූරු අනාවරණයක්

මී මැස්සන් සතු අපූරු හැකියාවන් පිළිබඳව නවතම අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

මොනෑෂ් සහ මෙල්බන් යන විශ්ව විද්‍යාල විසින් ඒකාබද්ධ වී සිදු කරන ලද මෙම අධ්‍යයනය ඔස්සේ අනාවරණය වී ඇත්තේ මිනිසාට සාපේක්ෂව මී මැස්සන්ට ද වමේ සිට දකුණට සංඛ්‍යා අනුක්‍රමිකව සකස් කළ හැකි බවයි.

මී මැස්සන් සතු මෙම අපූරු ගණිතමය කුසලතා හදුනා ගැනීමෙන් පසු විශේෂඥයින් රැසක් ඒ පිළිබඳව විමතියට පත්ව ඇති බවයි පැවසෙන්නේ.

මෙහිදී මී මැස්සන් අංක සකස් කරන ආකාරය පිළිබඳව හදුනා ගැනීම සදහා පර්යේෂකයන් විසින් විවිධ රටා සහිත කුඩා කාඩ්පත් පෙන්වා තිබෙනවා.

එහිදී ලැබුණු ප්‍රතිඵල ඔස්සේ මේ පිළිබදව තොරතුරු අනාවරණය වී තිබෙන බවයි සදහන් වන්නේ.

මී මැස්සන් සතුව මනා සැකසුම් කුසලතා පවතින බවයි විශේෂඥ මතය වී ඇත්තේ.