Search

මෙල්බන් පුහුණු ශ්‍රමිකයන් සදහා සුදුසුම නගර අතරට

ඉහළ වෘත්තීය කුසලතා සහිත පුහුණු ශ්‍රමිකයන් සදහා සුදුසුම නගර පිළිබඳව නවතම දත්ත වාර්තාවක් නිකුත් වී තිබෙනවා.

මෙම දත්ත වාර්තාව නිකුත් කර ඇත්තේ Mori Memorial Foundation හි දත්ත පදනම් කරගෙන බවයි දැක්වෙන්නේ.

එහිදී මෙල්බන් නගරය වෙත 09 වන ස්ථානය හිමිව තිබීම ද කැපී පෙනෙනවා.

ඉහළ වෘත්තීය කුසලතා සහිත පුහුණු ශ්‍රමිකයන් සදහා සුදුසුම නගරය බවට පත්ව ඇත්තේ එංගලන්තයේ ලන්ඩන් නුවරයි.

ශ්‍රේණිගත කිරීමේ දී දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙලින් නිව් යෝර්ක් සහ පැරිස් යන නගරවලට හිමි ව තිබෙනවා.

සිංගප්පූරුව වෙත එහි සිව් වන ස්ථානය හිමි වෙද්දී ඩුබායි නගරය වෙත මෙහි පස් වන ස්ථානය හිමිව තිබෙන බව ද වැඩිදුරටත් සදහන්.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »