
විද්‍යුත් (electric ) මෝටර් රථ මිළදී ගැනීමට ඔස්ටේ්‍රලියානුවන් වැඩි කැමැත්තක් දක්වන බව අධ්‍යයනයකින් හෙළිවී තිබේ.
කෙසේවෙතත් දැනට වාහන අලෙවි සැල්වල පවතින මෝටර් රථවලින් විද්‍යුත් මෝටර් රථ සංඛ්‍යාව සියයට 01 කටත් අඩුය.
ලොව වැඩිම විද්‍යුත් වාහන අලෙවි කරු වන වොක්ස්වැගන් 2020 වසරේදී විද්‍යුත් රථ 212000 ක් අලෙවි කර ඇත.

ඉන් එකක් හෝ ඔස්ටේරලියාව තුළ අලෙවි වී නොමැත.
මෝටර් රථ අලෙවිකරුවන් ඔස්ටේරලියාව මග හැර යාමට හේතුව විද්‍යුත් වාහනවලට වඩා ඉන්ධන මගින් ධාවනය වන වාහන මිළයට ගැනීම තමන්ට ලාභදායී බව ඔස්ටේ්‍රලියානුවන් බහුතරයකගේ මතය වීම බවයි පැවසෙන්නේ.

COMMENTS