Search

ඔස්ට්‍රේලියා ඉන්ධන සමාගමක් ශ්‍රී ලංකාවේ සේවා නවතයි

ඔස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම විසින් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු නවතා දමා තිබෙනවා.

ඒ අනුව පසුගිය ජනවාරි මාසයේ සිටම අදාළ සමාගමේ මෙහෙයුම් කටයුතු සිදු කර නොමැති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම සමාගම සඳහා මෙරට ඉන්ධන අලෙවි කටයුතු සිදු කිරීමට එවකට පැවැති රජය පියවර ගෙන තිබුණා.

ඒ අනුව චීනයේ සයිනොපෙක් සමාගම, අමෙරිකාවේ ආර්. එම්. පාක්ස්. සහ ඔස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලැබුවා.

එක් සමාගමට ඉන්ධන පිරවුම්හල් 150 බැගින් මෙරට තුළ ඉන්ධන පිරවුම්හල් 450ක මෙහෙයුම් කටයුතු ලබා දීමටයි එහිදී පියවර ගෙන ඇත්තේ.

අදාළ ගිවිසුමේ පවතින ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානු සමාගම විසින් මෙලෙස සිය මෙහෙයුම් කටයුතු නවතා දමා තිබෙනවා.

එම ගිවිසුමට අනුව වසර 20කට ආසන්න කාලයක් යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමට ශ්‍රී ලංකාව තුළ ඉන්ධන අලෙවි කටයුතු සිදුකළ හැකි හැකි පසුබිමකයි ඔවුන් මෙම සේවාවන් නවතා දමා ඇත්තේ.

මේ අතර අදාළ සමාගම විසින් මෙහෙයුම් කටයුතු නතර කිරීම පිළිබඳව ලිපියක් මගින් දැනුවත් කර ඇති බව ද වැඩිදුරටත් සදහන්.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »