Search

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

ඒ ඔහු ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේ දී ලකුණු 14 කට දැවී යාමත් සමඟයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100 කට ක්‍රීඩා කර ඇති දිමුත් රැස් කර තිබෙන මුළු ලකුණු 7222 ක් රැස් කර තිබෙනවා.

ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියට ශතක 16 සහ අර්ධ ශතක 39 ක් ඇතුලත්.

ක්‍රීඩාවෙන් සමුගත් පසු සිය පවුලේ අය සමගින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන බවට දිමුත් මීට පෙර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා.

විදෙස් ශ්‍රමිකයින්ටත් විශ්‍රාම වැටුපක්

විදෙස් ශ්‍රමිකයින්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමවේදය දැනටමත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා රජය පවසනවා. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඊයේ පාර්ලිමේන්තුවේදී කියාසිටියේ විදේශ විශ්‍රාම වැටුප් ක්‍රමය තවදුරටත් ශක්තිමත්

Read More »

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »