
කොකේන් කිලෝග්රෑම් 12 ක් සමග මෙල්බන්හිදී අත්අඩංගුවට පත් අමරිකානු කාන්තාව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
34 හැවිරිදි මෙම කාන්තාව සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මෙල්බන් හෝටල් කිහිපයක සිදුකළ මෙහෙයුමකදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඇයගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදීයි කොකේන් මත්ද්‍රව්‍ය තොගය හමුවී ඇත්තේ.

මෙම කොකේන් තොගයේ ශුද්ධ බර සෙවීම සඳහා අධිකරණ වෛද්‍ය පරීක්ෂණයට යවා ඇති බවද පොලීසිය සඳහන් කළා.
දේශසීමාවන් හරහා මත් ද්‍රව්‍ය වාණිජ ප්‍රමාණයක් රැගෙන ඒමෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම කළ හැකි බවයි ඔස්ට්‍රේලියා අපරාධ සංග්‍රහයේ දැක්වෙන්නේ.

ඔස්ට්‍රේලියාව තුළ නීති විරෝධී මත්ද්‍රව්‍ය ආනයනය සම්බන්ධයෙන් දැඩි රැකවල් යෙදීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.