Search

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

වෙළඳසැලකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පසුගිය අඟහරුවාදා උල් ආයුධයක් පෙන්වා දුම්වැටි ඉල්ලා ඇති බවයි පොලීසිය කියාසිටියේ.
එහිදී ඔවුන් සිදුකර පහරදීමකින් වෙළඳසැලේ සේවකයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අපරාධකරුවන් මෝටර් රථයකින් පළාගොස් ඇති අතර ඔවුන් හඹාගිය පොලිස් නිලධාරීන්ටද උල් ආයුධයෙන් පහර දීමෙන් නිලධාරීන් දෙදෙනෙකු මේ වනවිට රෝහල්ගතව සිටින බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

18 සහ 20 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගැණුනු අතර මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ අප්‍රේල් මස 30 වනදා තෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වලට තැත් කිරීම, ආයුධවලින් පහරදීම, අනතුරු දායක ලෙස රිය පැදවීම ඇතුළු තවත් කරුණු රැසක් ඔවුන්ට එරෙහි චෝදනා වනවා.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »