Search

වායුවක් විෂවීමෙන් සංචාරකයින් දෙදෙනෙකු ශ්‍රී ලංකා නේවාසිකාගාරයකදී මියයයි.

විෂ වායුවක් ආග්‍රහණයෙන් සංචාරකයින් දෙදෙනෙකු ශ්‍රී ලංකාවේදී මියගොස් තිබෙනවා.

එරට නේවාසිකාගාරයක ඇඳ ඇතිරිලිවල සිටින සතුන් පළවා හැරීමට ඉසින පළිබෝධනාශක වායුවක දුමක් හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවයි ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

එංගලන්තයේ ඩර්බ් නගරයේ 24 හැවිරිදි ඩිජිටල් අලෙවිකරණ සහ සමාජ මාධ්‍ය කළමණාකරුවෙකු වන එබොනි මැකින්ටොෂ් සහ ජර්මනියේ 26 හැවිරිදි නඩීන් රගුස් යන දෙදෙනා ශ්‍රී ලංකාවේ මිරකල් කලම්බු සිටි නේවාසිකාගාරයේ රැදී සිට තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ අනිද්දා පැවැත්වෙන අතර මැකින්ටොෂ්ගේ පවුලේ ඥාතීන් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු එය සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියාසිටියේ.

නේවාසිකාගාරය මේවන විට වසා දමා තිබෙනවා.

මේ අතර එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කාර්යාලයේ (FCDO) ප්‍රකාශකයෙකු කියාසිටියේ මියගිය බ්‍රිතාන්‍ය කාන්තාවගේ පවුලට සිද්ධිය සම්බන්ධයෙන් උපරිම සහය දක්වන බවයි.